ලියුම ක් 


      හැමදාම හවසට මම දැන් ටීවී එක ළඟ ට එනවා ඔයාව බලන්න, මෙඝා එකේ ඉන්න පොඩි එකී ඔයා වගේම හුරතල්, හිනාවෙන්නේ ඔයා වගේමයි. ඇස්දෙක ...
මම හැමදාම ඔයාව දකිනවා ඔය කතා කරනවා අහනවා. මට ඒක සතුටක්. ශංකුට්ට කියන්නේ මගේ ජිවිතේ. ඒ අතීතය මට හැමදාම සතුටක්. මගේ හිතේ හැමතැනම ඉන්නේ තාමත් ඔයා. එදිනෙදා සිදුවීම් හැම එකක්ම ගලපන්නේ ඔයත් එක්ක. ඉස්සර ඔයාව හීනෙන් දැක්කාම මම පහුවදාට කතා කළා. දැන් එහෙම කලොත් සතියට තුන් හතර පාරක්වත් ඔයාට කතා කරන්න වෙනවා. ඔය හැමදාම බ්ලොග් එකට ඇවිත් යනවා කියල මම දන්නවා. පුලුවන්නම් comment එකක් දාල යන්න. 
පොතේ ලිවේ නැති උනාට මම විවාහ වෙලා ඉන්නේ ඔයත් එක්ක. ඔයත් එහෙමයි කියල මම දන්නවා. සතුටෙන් ජිවිතේ ගෙවන්න. හැම දෙයක් ම වෙන්නේ හේතුවක් ඇතිව. අපි කලින් ආත්ම මොකක් හරි ලොකු පවක් කරන්න ඇති. ඒ නිසා මේ ආත්මේ පුළුවන් තරම් පින් කරමු.