එක පාරෙ 
එක දිගට 
එකට අවිදන් යන්න 
ආයෙමත් කිසිදාක 
බෑ අතීතෙට යන්න

අපෙ හීන 
හිත තුලම
තද කරන් අමතරෙන් 
හිනා වෙමු
නැති ලෙසට 
කිසි දුකක් 
මතුපිටින්.


මතක නටඹුන්

ඒ සිනහවේ
මතක නටඹුන්
තාම මගේ
හිත පතුලේ
පිළිසකර කර දෙන්න
එනවාද
මොහොතකට
සිහිනෙන්
අදත් ?
ඊයේ ඇවිදින්
කඳුළු තවරන්
සුනු විසුනු කල
මතක සැමරුම්
තාම ...
එලෙසමයි උඹ දන්නවා
ලියුම ක් 


      හැමදාම හවසට මම දැන් ටීවී එක ළඟ ට එනවා ඔයාව බලන්න, මෙඝා එකේ ඉන්න පොඩි එකී ඔයා වගේම හුරතල්, හිනාවෙන්නේ ඔයා වගේමයි. ඇස්දෙක ...
මම හැමදාම ඔයාව දකිනවා ඔය කතා කරනවා අහනවා. මට ඒක සතුටක්. ශංකුට්ට කියන්නේ මගේ ජිවිතේ. ඒ අතීතය මට හැමදාම සතුටක්. මගේ හිතේ හැමතැනම ඉන්නේ තාමත් ඔයා. එදිනෙදා සිදුවීම් හැම එකක්ම ගලපන්නේ ඔයත් එක්ක. ඉස්සර ඔයාව හීනෙන් දැක්කාම මම පහුවදාට කතා කළා. දැන් එහෙම කලොත් සතියට තුන් හතර පාරක්වත් ඔයාට කතා කරන්න වෙනවා. ඔය හැමදාම බ්ලොග් එකට ඇවිත් යනවා කියල මම දන්නවා. පුලුවන්නම් comment එකක් දාල යන්න. 
පොතේ ලිවේ නැති උනාට මම විවාහ වෙලා ඉන්නේ ඔයත් එක්ක. ඔයත් එහෙමයි කියල මම දන්නවා. සතුටෙන් ජිවිතේ ගෙවන්න. හැම දෙයක් ම වෙන්නේ හේතුවක් ඇතිව. අපි කලින් ආත්ම මොකක් හරි ලොකු පවක් කරන්න ඇති. ඒ නිසා මේ ආත්මේ පුළුවන් තරම් පින් කරමු.
අරලියා 


උඹ වගේ
පොඩි එකෙක්
ඉස්කෝලෙ 
හුරතලෙන්
අතේ
නො එල්ලු නත්.
ඒ ඔයාමයි

කතා නොකලට
හිත අහනවා ඔයාව

එදා හඳ

...
ආයෙත්
දැක්ක

හඳ
එත්
හඳ දුරයි අද
දුකයි,
ලඟ
නැති
හන්ද
මට
...

කණ්නාඩිය
ඉස්සර

අපිට දුර දෘෂ්ටිකත්වය

එතකොට අපි එකට

පස්සේ

අපිට  අවිදුර දෘෂ්ටිකත්වය

දැන් අපි ඈත...

ප.ලි:
මම කවදාවත් ඔයාව දැක්කේ නෑ.එත් ඔයා එදා ඉඳන් මාව දැක්ක. මම හැමදාම ලෙඩේට වැරදි කණ්නාඩිය යි දාගත්තේ. මම හිතුවේ හරිම එක මේක කියල.


දැන උන්නනම්
විඳවන තරම්
සමුගන්නේ නෑ...
රත්තරන්... 


ඔයාට...

ඔයාට...